සත්මහල් ගොඩනැගිල්ලකින් ළමයෙක් ඇදවැටී මිය යාමේ අවාසනාවන්ත ඛේදවාචකයක් බම්බලපිටියෙන්

accident sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 29, 2022 07:18 AM GMT
krishani

krishani

Report

සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී දරුවෙක් මියගිය පුවතක් බම්බලපිටියෙන් වාර්තා වෙයි.

ඊයේ (28) සවස් කාලයේදී බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි මහල් 7කින් යුතු ගොඩනැගිල්ලකින් එම දරුවා ඇදවැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ 15 හැවිරිදි දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇති සිසුවා ඊයේ දිනයේ පාසල් නිම වීමෙන් පසුව නැවත නිවසට පැමිණීමෙන් පසුව මෙම සිද්ධියට මුහුණ පා ඇත. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී දරුවාගේ මව පුණ්‍ය කටයුත්තක් සඳහා ඥාති නිවසකට ගොස් සිටි අතර දරුවාට දුරකථන ඇමතුමක් ලබාදී වැල්ලවත්තේ පවතින එම ඥාති නිවසට පැමිණෙන ලෙස දන්වා ඇත.නමුත් මෙම දරුවා වැල්ලවත්තට නොගොස් බම්බලපිටියේ පිහිටි තම මහල් නිවාසයට ගොස් ඇත.එහිදී එම දරුවා මහල් නිවාසය අසලින් ත්‍රීවිල් රථයකින් බසිනා අයුරුත් විදුලි සෝපානය වෙත යන අයුරුත් පමණක් ,CCTV කැමරාවල සටහන්ව ඇත. නමුත් මෙම දරුවා 8 වන මහලේ පිහිටි roof top වෙත ගිය අයුරුත් එසේ යාමට හේතුවත් අනාවරණය වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery