රාජ්‍ය සේවයේ නියුතු සේවකයන් අයිස් ගහලා හමාරයි !

Sri lanka ministry of finance gagana news Sri lanka sinhala news today trending news
By krishani Jan 29, 2022 06:05 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව ( අයිස් ගැසීම ) සමීක්ෂණයකදී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස සිය රාජකාරියට දායකත්වය නොදක්වා නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම තත්වය වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

ආයතන ප්‍රධානීන්ට එහිදී විශේෂ වගකීම් පැවරීමට ද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කෙරෙනු ඇත.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා සමහර ආයතනවල ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

සේවකයන් රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය යොදාගෙන විවිධ ක්‍රීඩාවල නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. රටේ සමස්ත රාජ්‍ය සේවක සේවිකාවන් සංඛ්‍යාව ලක්ෂ 16කට අධිකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now