එක විසිල් හඬකින් පොහට්ටුවට ජනතාව පෙළගස්වන්න පුළුවන් - ඉන්දික අනුරුද්ධ
එක විසිල් හඬකින් පමණක් පක්ෂයට සහාය දැක්වීමට ජනතාව බලමුලු ගැන්විය හැකි බවවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් ඒකක සංවිධායකවරුන් පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“වත්මන් රජය අපට සුදුසු නැහැ. අපේ ජනතාව ගම්වල වැඩ කළ අයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර ගණනාවක් මේ රටේ සංවර්ධනයට සෘජුව දායක වූ අය අපියි”
යැයි ඔහු අවධාරණය කළේය.
කුඩා කණ්ඩායමක් වුවද, විසිල් හඬකින් අප සමඟ එක්විය හැකි බවද ඉන්දික අනුරුද්ධ මහතා තවදුරටත් පැවසීය.