රටටත් ලැජ්ජයි - ලංකාවට ආපු නේපාල කාන්තාවට තරුණයෙක් කරපු හරියක්
හෝටල් කාමරයකින් ඇමරිකානු ඩොලර් 950 ක් සහ රුපියල් 10,000 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හෝටල් සේවකයෙකු සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරියේ හෝටලයක සේවය කරන 21 හැවිරිදි හෝටල් සේවකකි. 42 හැවිරිදි නේපාල කාන්තාවක් විසින් සීගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම තත්ත්වය තුළ, සිද්ධියෙන් සොරකම් කරන ලද මුදල්වල මුළු වටිනාකම රුපියල් 295,000/= ක් බව පොලිසිය පවසයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.