ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න [VIDEO]

Report

ජනප්‍රිය ගායන ශිල්පි චාමර රණවක ඊයේ (10) දින රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපළෙන් ප්‍රසංගයක් සඳහා ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව සඳහන්.

ඒ ඔහු අධික ලෙස බීමත්ව සිටි නිසා සහ ගායකයා ගුවන් යානයට ගොඩවීමෙන් පසුව එහි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇති නිසා බවත් ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ගුවන් යානයේ ගුවන් සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ බහින්බස් වීම දුරදිග යාම නිසා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විසින් තීරණය කර ඇත්තේ මත්පැන් පානය කර නොමනා ආකාරයට හැසිරුණු ගායකයා තවදුරටත් ගුවන් යානයේ තබාගෙන ඩුබායි බලා පියාසර කළ නොහැකි බවයි.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි

එබැවින් ප්‍රධාන නියමුවා එය ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දී ඇත. එසේම මෙම දැනුම් දීමෙන් පසුව ගුවන් යානයෙන් ඉවත් කරන ලද ජනප්‍රිය ගායකයා කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ විගමන කටයුතු සඳහා වූ සටහන් අවලංගු කිරීමෙන් අනතුරුව ඔහුව මුදා හැරීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර අඳාළ ගායකයාගේ ෆේස් බුක් පිටුව පරීක්ෂා කිරීමේදී ඔහු ඊයේ කටුනායක ගුවන් තොටුපළේ සිට සිදු කළ සජීවී විකාශයක්ද දැක ගත හැකි විය.

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

"දැන් ආණ්ඩුවටම තේරිලා.. බය හිතලා.. ආරක්ෂාව ඉවත් කර යළි ලබාදීමේ තීරණය මට ප්‍රශ්නයක්" - මහින්ද

ඒ අතර අද උදෑසන සටහනක් තබමින් ඔහු කියමනක් උපුටා පළ කර ඇති අතර එහි සඳහන් වූයේ,

'ඔබෙත් අඩුපාඩු ඇත මගෙත් අඩුපාඩු ඇත.සර්ව සම්පූර්ණ මිනිසුන් මෙලොව නැත' යනුවෙන්.

[QANAJZ9 ]

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු