මේ රජයේ සේවකයන්ගේ විශාල හිඟයක් - ක්ෂේත්‍රයම ලොකු ගැටලුක

Report

ශ්‍රී ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) තුන්සිය දෙනෙකුගේ පමණ සේවා හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ සභාපති ප්‍රදීප් බොරැලැස්ස මහතා සඳහන් කළේ මේ වන විට රාජකාරියේ යෙදී සිටින්නේ නිලධාරීන් 2,422 දෙනෙකු පමණක් බවයි.

දැනට සේවයේ නියුතු පිරිසෙන් බහුතරයක් රෝහල් සහ පරිපාලන සේවාවන්හි නිරත වන බැවින්, ක්ෂේත්‍ර රාජකාරි සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි.

ඉරාන යුද්ධය අවසන් කරන කාලය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

ඉරාන යුද්ධය අවසන් කරන කාලය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

පවතින ජනගහනයට සාපේක්ෂව රටට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10,000 ක් පමණ අවශ්‍ය වුවද, පවතින සේවක හිඟය හේතුවෙන් දෛනික රාජකාරි ඉටුකිරීමේදී ගැටලු රැසක් මතු ව තිබේ.

ඒ අනුව නිසි පරිදි බඳවා ගැනීම් සිදු නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙම හිඟය තවදුරටත් උග්‍ර විය හැකි බවට සභාපතිවරයා අනතුරු අඟවයි. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂේත්‍ර මට්ටමින් සිදුවන මෙම සේවාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මාර්තු මස ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දෙයි

මාර්තු මස ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දෙයි