රුපියල තවදුරටත් අවප්‍රමාණය වුන ඔබ සොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න
අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර, බොහෝ බැංකු වල විකුණුම් අනුපාතය රු. 337 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 325.25 සිට රු. 326.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 338.00 සිට රු. 339 දක්වා ඉහළ ගොස් ඇත.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 327.50 සිට රු. 328 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රු. 336.50 සිට රු. 337 දක්වා ඉහළ ගොස් ඇත.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 327 සිට රු. 328.48 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රු. 336.25 සිට රු. 337.77 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 324.47 සිට රුපියල් 325.46 දක්වා සහ රුපියල් 335.50 සිට රුපියල් 336.50 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 326.50 සිට රුපියල් 328 දක්වා සහ රුපියල් 335.50 සිට රුපියල් 337 දක්වා ඉහළ ගොස් තිබේ.