අම්බලන්ගොඩ වෙඩිල්ලේ සුල මුල හෙළි වේ - අනියම් ඇසුරක් මාට්ටු
ඊයේ (27) රාත්‍රියේ 28 හැවිරිදි තරුණයෙකු නිවසක පැවැති සාදයක් අතරතුර කිසියම් පිරිසක් විසින් වෙඩිතබා බරපතළ තුවාල සිදුකර ඇති අතර, ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය ප්‍රකාශ කළේය.
මෙම වෙඩිතැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවද පොලීසිය පවසයි. ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග මියගිය තරුණයා සමීප ඇසුරක් පවත්වා තිබීම මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි.
නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
ඒ සම්බන්ධයෙන් උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවටද පොලීසිය සැක කරයි. තවද ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරමින් පවතී.