අලුයම පත්තු වෙච්ච වෙඩිල්ල.. පාතාල ක්‍රියාවක්ද? සැකයක්... ඉලක්කය කවුද ?

Report

මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද දවස ඔබට කොහොමද? ලග්න 6කට සුබයි - ධනු ලග්නයට නරක ආරංචි VIDEO 03/17/2025

අද දවස ඔබට කොහොමද? ලග්න 6කට සුබයි - ධනු ලග්නයට නරක ආරංචි VIDEO 03/17/2025

ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය වී නැහැ.

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති ද යන්න සම්බන්ධයෙන් තොරතුරු තොරතුරු වාර්තා නොවන බව පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීම පාතාල ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සක ඇති වී තිබෙන බව පැවසෙනවා. කවුරුන් ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතිද යන්න සම්බන්ධයෙන් කිසිඳු අනාවරණයක් මෙතක් ලැබී නොමැති බව පොලිසිය කියා සිටියා.