සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය.
දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව සඳහන්ය.
විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් විභාග ශාලාවට රැගෙන යා යුතු දේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙලෙස අදහස් පළ කළේය.
විභාගය සඳහා කල්වේලා ඇතිව විභාග ශාලාවට පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.