ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි
අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගේන ගොස් ඇති බව වාර්තා වේ.
ඈන් ද ලිවේරා මහත්මිය ශිරන්ති රාජපක්ෂ මහත්මියව සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා යොමුකර නැවත අනිද්දා දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්ය.