ශිරාන් බාෂික්ගේ පුතා නදීම් බාෂික් ලංකාවට ගොඩ බැස්ස සැනින් අත්අඩංගුවට. - (PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Police STF
By Wayomi Aug 28, 2024 06:01 AM GMT
Wayomi

Wayomi

Report

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන නදීන් බාෂික් ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අද(28) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන්තොටුපළ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වන අතර අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.


පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අනතුරට ලක්කර පළායාමේ චෝදනාවට නදීන් බාෂික් කටුනායකදී මෙලෙස අත්අඩංගුවට ගැනුනා.

නදීන් බාෂික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් ගමන් කළ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ දී නැවැත්වීමට සංඥා කිරීමේදී රාජකාරි නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරියෙක් අනතුරට ලක් කරමින් පසුගිය පෙබරවාරි මස 16 වනදා පළා ගොස් තිබුනා.

පසුව ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරං පවුම් 100ක්, මෝටර් රථ 03ක් සොයාගත් අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් සොයා ගැනුනා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


එමෙන්ම ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, සහ ඩිරාම් මුදල් 535ක් සහ ඩොලර් 161ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛන සොයාගෙන තිබුනා.

අනතුරුව ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වෙත යොමු කරනු ලැබුවා.

මේ අතර මත්ද්‍රව්‍ය වැටලීමට අදාළව නදීන් බාෂික් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බළකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට විරුද්ධව අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.

චන්දික හතුරුසිංහ ලොකු හතුරුකමක්. - බංගලාදේශ අරගලකරුවන් හතුරුසිංහ එලවා දමයි.


ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?


Gallery