ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අද (30) දින නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.
සැකකරුට බන්ධනාගාර රෝහලේදී සහ වෙනත් රෝහල්වලදී ලබාදුන් ප්‍රතිකාර පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, 2022 මැයි 09 වන දින ඇති වූ අරගලයකදී හානියට පත්වීමෙන් පසු, එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප වී තිබියදී, එයට පටහැනිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්ත රජයේ නිලධාරීන්ට තම නිල බලය යොදා බලපෑම් කර, රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි ලෙස ලබාගැනීම තුළින් “දූෂණය” යන වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරියට අයත් දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.