ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ් - අධිකරණය තීන්දු කරයි

Shasheendra Rajapaksa Sri Lanka Politician Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 19, 2025 09:33 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තීන්දු කර ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කලේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවය.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

මේ ආකාරයට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/-ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිදුව ඇත.

ලංකාවේ ගාමන්ට් දිහා දෙයියෝ බලලා, හැමෝටම සුබ වෙන්නයි යන්නේ

ලංකාවේ ගාමන්ට් දිහා දෙයියෝ බලලා, හැමෝටම සුබ වෙන්නයි යන්නේ