ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර කරයි

Report

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිද බන්ධනාගාර ගත කිරීමට හේතුව වී ඇත්තේ අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනාවටය.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු