අත්අඩංගුවට ගත් ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

Shasheendra Rajapaksa Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 06, 2025 10:56 AM GMT
Shehan

Shehan

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ කිහිපයක් 2022 මැයි 9 වැනිදා පැවති ජනතා අරගලයේදී හානියට පත්ව තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

එම දේපළ සඳහා වන්දි ගෙවීමේදී, එය මහවැලි අධිකාරියට අයත් දේපළක් බව හඳුනාගෙන වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් තම නිල බලය භාවිත කරමින් හානිපූරණය සඳහා වන කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.

එසේම, එම වන්දි ලබාගැනීම තුළින් දූෂණය, කුමන්ත්‍රණය සහ මහවැලි අධිකාරියට අයත් දේපළක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වරදකරු වී ඇත.

මෙම චෝදනා 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ පිළිබඳ වැරදි සම්බන්ධ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ. මේ හේතුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

ReeCha