ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලබන 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා අද (19) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද (19) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

සැකකරුට ඇප ලබාදීම පිළිබඳ නියෝගය ලබන 22 වැනිදා ස්ථිර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බලනු ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළක් ඉකුත් අරගල සමයේ විනාශ වීමෙන් පුර්ණ හානි කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් ලක්ෂ 88ක වන්දියක් ලබාගත් බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නා.

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

ඉන්දියාවෙන් "මොළය කන" ඇමීබා ආසාදනයක්

ඉන්දියාවෙන් "මොළය කන" ඇමීබා ආසාදනයක්