අනේ ඔච්චර තොඳුල් වෙන්න ඕනේ නැහැ - සජිත්ට හික් ගෑවෙන්න ශාන්ත කරුණාවෙන් කියපු කතාව

Report

අද දින(19) පාර්ලිමේන්තුවේදී විශ්‍රාම වැටුප් ගැටළුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අදහස් දක්වා සිටියා. එසේම අඳාළ ගැටලු ඉක්මනින් විසඳන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

ඊට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා විසින් පවතින ගැටළු සියල්ල පසුගිය රජයන් විසින් නිර්මාණය කර ඇති බවත් එය මේ වන විටත් විසඳීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ,

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද

"රාජ්‍ය සේවයට බඳවා ගන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා ඒකට දායක විශ්‍රාම වැටුපක් ගැන කතා කරා. මෙවර අයවැයෙන් අපි මොකද කරේ දායක විශ්‍රාම වැටුප් කතන්දරය නවත්තලා පෙරෙසේ සුපුරුදු පරිදි රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප සහතික කරා. ඊළඟට 2016/ 19 විශ්‍රාම ගැටලුව ඒක අපි විසඳනවා 2025 අයවැයෙ තියෙනවානේ. අපේ විපක්ෂ නායකතුමා ඉතාම කරුණාවෙන් ඔහුගේ වචනවලින් දයානුකම්පාවෙන් කරුණාවෙන් අවිහිංසාවෙන් විසඳන්නලු. අනේ ඔච්චර තොඳුල් වෙන්න ඕනේ නැහැ. අපි විසඳනවා ඒ නිසා තමයි ජනාධිපතිතුමා මෙවර අයවැයෙන් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිසම් සභාවක් පිහිටුවනවා කියන්නේ. ඒකෙන් ඔවුන්ට නිවැරදිව විශ්‍රාම වැටුප ලැබෙනවා. එළැඹෙන්නේ 20/24 අයට 27 සිටියා සේ සලකලා විශ්‍රාම වැටුප හැදෙනවා"

පාර්ලිමේන්තු කාරක සභාවෙන් නාමල් රාජපක්ෂ අස්වෙයි

පාර්ලිමේන්තු කාරක සභාවෙන් නාමල් රාජපක්ෂ අස්වෙයි

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ

දයාසිරි ජයසේකර ලෝක අමාරුවක - විමර්ශන ඇරඹේ