තනතුරේ නැති උපකුලපති කොහොමද නාමල්ගේ උපාධියට අත්සන් කරේ ? පාර්ලිමේන්තුව මැද්දෙම නාමල්ව පට්ට ගහපු ඇමති නලින්ද [VIDEO]
අද දින (19) කථානායකගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය පාර්ලිමේන්තුවේදි ආරම්භ වී ඇත. එහිදී මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිලිබදව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇත.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
අද උදෑසන සිට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය පිලිබද ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබා ගත් ආකාරය පිලිබදව සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිලිබදව වෙබ් සයිට් ගණනාවක තොරතුරු පල කරලා තියෙනවා.විශේෂයෙන්ම රටේ ගවේෂණ මාධ්‍යවේදීනියක් වන නිර්මලා කන්නන්ගර ඒ පිලිබදව තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි ඔහු සිටි යුනිවසිටි ලන්ඩන් ආයතනයෙන් ලබා ගත් සහතිකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරලා තියෙනවා ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සදහා.
ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 15 ඒත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 ඉල්ලා අස් වෙලා තියෙනවා.ඔහු ඉල්ලා අස් වෙලා දින 54කට පස්සෙ තමයි උපාධි සහතිකයට උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නේ.ඒ නිසා ඒ උපධි සහතිකේ පිලිබදව ප්‍රශ්ණයක් මාධ්‍යයෙන් මතු කරලා තියෙනවා.
දෙවෙනි කාරනේ තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වෙන්න විභාගයක් නැතුව ලෝකේ පිලිගත් ආයතන වලින් තමයි අවස්තාව දෙන්නේ.නමුත් මේ සිටි යුනිවසිටි ලන්ඩන් ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15.
ඒත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යයි කියන නාමල් මන්ත්‍රිවරයා නීති විද්‍යාලයට ඇතුලත් වෙන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 25.අයදුම්පත දාපු දවසෙම නීති විද්‍යාලයෙන් ඒක භාර අරන් තියෙනවා.ඒ වෙද්දි සිටි යුනිවසිටි ආයතන නීති විද්‍යාලයෙන් පිලි අරගෙන නෑ.ඒක පිලිගත්තෙ ඔක්තෝබර් 15.මේක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.
තුන්වෙනි ප්‍රශ්නෙ උපාධි සහතිකේ සදහන් වෙලා තියෙන්නේ බැචුලර් ඔෆ් ලෝ විත් හොනර් ක්ලාස් ත්‍රී එනම් තුන්වෙනි ශේණියේ උපාධියක් තියෙන්නේ. ඒකෙන් එංගලන්තයේ නීතී මණ්ඩලයට ඇතුලත් වෙන්න බෑ කියලා තියෙනවා.
ඒ වගේම ඊට අදාල සියලුම ලිපි ලේඛන මම සභාගත කරනවා. මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ශා කරන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රී සුපුරුදු පරිදී ඇවිත් මේක පැහැදිලි කරයි කියලා" යයි පවසමින් තම කතාව අවසන් කර ඇත.