ශල්කි සබ්මැරීනය සංචාරයක් සඳහා දිවයිනට...
අද (02) පෙරවරුවේ ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ශල්කි සබ්මැරීනයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් රාහුල් පට්නායික් කටයුතු කරන අතර, ඒ සමග 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පැමිණ ඇත.
එම සබ්මැරීනය මීටර් 64.4ක දිගකින් යුක්ත වන බවයි නාවික හමුදාව සඳහන් කළේ ය.
එමෙන් ම,රාහුල් පට්නායික් සමඟ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා අතර හමුවක් නාවික හමුදා විධාන මූලස්ථානයේ දී සිදුව ඇති අතර,එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වැඩසටහනක්ද පැවැත්වීමට නියමිත ව ඇති බව වාර්තා වේ.
තව ද, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙරට සංචාරක ආකර්ශණීය ස්ථාන කිහිපයක් ගවේෂණය කිරීමට ද නියමිත බව සඳහන් ය.
කෙසේ වෙතත්, ඔවුන් සිය සංචාරය නිමා කරමින් ලබන 04 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
