පුටින් චීන ජනාධිපති එක්ක කරපු ඇඟ හිරි වැටෙන රහස් කතාවක් මයික් එකකින් එළිවෙයි

Report

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ දින පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද සහභාගී වී සිටියා.

එම උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටියදී පුටින් සහ ෂී ජනාධිපතිවරුන්, අවයව බද්ධ කිරීම මගින් වසර 150ක් ජීවත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සිදු කළ කතාබහක් විදෙස් මාධ්‍ය ආයතනයක මයික්‍රෙෆා්නයේ සටහන්ව තිබූ බව වාර්තා වේ.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

එම කතාබහ පහතින්,

චීන ජනාධිපති ෂී ජින්පින් - ''අතීතයේ දී, පුද්ගලයෙකුට වයස 70ට වඩා ජීවත් වීම දුර්ලබ දෙයක්. නමුත් දැන් කියන්නේ වයස 70 තවමත් තරුණයි කියලා.''

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් -''ජෛව තාක්ෂණයේ දියුණුවත් එක්ක මානව අවයව නැවත නැවත බද්ධ කරන්න පුළුවන් සහ මිනිසුන්ට තරුණ විදියට සහ සදාකාලිකව වුවත් ජීවත් වෙන්න පුළුවන්.

'' චීන ජනාධිපති ෂී ජින්පින් - ''මේ ශතවර්ෂයේ අනාවැකිවලට අනුව වසර 150ක් වුණත් ජීවත් වීමේ හැකියාව තිබෙනවා ඒ මගින්''

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

කෙසේ වෙතත් මේ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ සිටින පුටින් සහ ෂී ජින්පින් පිළිවෙලින් වසර 25 සහ 13 බැගින් තම රාජ්‍යයන් පාලනය කරමින් සිටින බව වාර්තා වේ.

එසේම ඔවුන් දෙදෙනාම මේ වන තෙක් එම තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව අදහස් පළකර නැති බව සඳහන්.

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි