පිටකොටුවෙන් මේවා ගන්නේ බලාගෙන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ පිටකොටුවේ ආහාර ගබඩාවක් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.
ඒ අනුව අඳාළ වැටලීම සිදුකර ඇත්තේ විදේශ රටකින් ගෙන්වූ කහ තොගයක් රහසිගතව ගෙන්වා අලෙවිකරණ බවට පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට ලද තොරතුරක් මතයි.
එසේම මෙහිදී නීත්‍යානුකූල ආනයනකරුවෙක් නැතිව ගෙන්වා ඇති සහ කල්ඉකුත්වීමේ දින නැති කහ තොගයක් අලෙවිකරණ අවස්ථාවේ දී පාරිභෝගික නිලධාරින්ගේ ග්‍රහණයට හසුකරගෙන ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් කහ කිලෝ 475ක් තම භාරයට ගත් පාරිභෝගික අධිකාරිය එම වෙළෙඳසැළට විරුද්ධව මාළිගාකන්ද අධිකරණයේ නඩු පවරා ඇත.
තවද මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ලේම මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ 6,500ක් ද තම භාරයට ගෙන තිබෙන අතර, ඒවාට රසපරීක්ෂක වාර්තාවක් ද කැඳවීමට නියමිත බව සඳහන්.
මේ අතර අදාළ ව්‍යාපාරික ස්ථානයට සීල් තැබීමටද පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබුණා.