නිලාවේලී මුහුදේ අනතුරක්
නිලාවේලි, ගෝපාලපුරම්මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනකු ජීවිතාරක්‍ෂක නාවිකයින් විසින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබුණා.
මෙලෙස බේරාගෙන තිබුණේ වයස අවුරුදු 16ක් සහ 18ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනා නිලාවේලිගෝපාලපුරම් මුහුදේ තවත් පිරිසක් සමඟ දිය නාමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණපා ඇතැයි වාර්තා වුණා.
ඒ අවස්ථාවේදී එම වෙරළ තීරයේ රාජකාරී නියුතු ජීවිතාරක්‍ෂක නාවිකයින් විසින් නිරීක්‍ෂණය කර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි පුද්ගලින් දෙදෙනා මෙලෙස නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර තිබුණා. පසුව, මුලික ප්‍රථමාධාර ලබා දී ඔවුන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.