මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න
Colombo
Water Cut
Water Board
Latest Headlines
Sinhala news
By Ashfa
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
එයට අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 යන කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇත.
කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. ඊට අමතරව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේ ගොඩ. නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව ආදී ප්‍රදේශ සදහාද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.