තියුණු ආයුධකින් ඇන කාන්තාවක් ඝාතනය කරයි

Law and Order Sinhala news
By Ashfa Sep 04, 2025 01:37 PM GMT
Ashfa

Ashfa

Report

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ රජාංගනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන දෙදරු මවක් වන අතර මෙම කාන්තාව මීට මාස තුනකට පෙර තම සැමියා සමඟ ඇති වූ ගැටලුවක් මත ඔහුගෙන් වෙන්ව තම මහගෙදරට පැමිණ ජීවත්ව සිට ඇත.

ඇය ඊයේ රාත්‍රියේ දී නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙසේ ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ කාන්තාව එම අවස්ථාවේදීම රාජාංගනය යාය 05 මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස්ය. රාජාංගනය පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ