දුකට වස බිව්ව සැමියා ගෙදර එද්දි බිරිඳ කළ වින්නැහියෙන් උතුර දකුණ මාරු වෙයි, බිරිඳට විරුද්ධව පැමිණිල්ලක්

Sri Lanka Police Married Law and Order Latest Headlines Sinhala news
By Kaushi Sep 04, 2025 12:00 PM GMT
Kaushi

Kaushi

Report

පවුල් ආරවුලක් නිසා වස බී රෝහල් ගතව සිට යළි පැමිණෙන විට බිරිඳ අනියම් පෙම්වතෙකු හා පලා යාමේ පුවතක් තෙබුවන පොලිස් වසමෙන් වාර්තා වේ.

ඒ අනුව පොලිසිය සඳහන් කරන්නේ මේ පිළිබඳ පැමිණිලි කර ඇත්තේ 23 හැවිරිදි තරුණ ස්වාමි පුරුෂයෙකු බව‍යි.

මොහු පසුගිය 27 වැනිදා නගරයට ගොස් යළි පැමිණෙන විට බිරිය වෙනත් පුද්ගලයකු සමඟ දුරකථනයෙන් කතා කරමින් සිට ඇති අතර මේ පිළිබඳව ඇති වූ සිත් තැවුලෙන් පැමිණිලිකරු වස පානය කර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

අනතුරුව රෝහල්ගත වී දින හතරක් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා ඉකුත් 01 වැනිදා දහවල් නිවසට පැමිණෙන විට තම බිරිය සහ දියණිය නිවසේ නොමැති බව හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව හෙළිව ඇත්තේ බිරිඳ නිවසේ තිබූ මුදල්, රන් ආභරණ, ජාතික හැඳුනුම්පත සහ විවාහ සහතිකය ඇතුළු වටිනා භාණ්ඩ රැසක් ඩිමෝ බට්ටා ලොරියක පටවාගෙන අසල්වැසියෙකු සමඟ පලා ගොස් ඇති බවයි.

එමෙන්ම සැමියා බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර ඇය තමා ගැන සොයා බලා කලබල නොවන මෙන් කෙටි පණිවිඩයක් පමණක් එවා ඇති බව ද වාර්තා වේ.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි