ජපානයෙන් ඇ. ඩො. මිලියන 65 ක් වටිනා ව්‍යාපෘතියක් ලංකාවට

Report

ජපාන රජය විසින් අරමුදල් සපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් වටිනා නව හබරණ ග්‍රිඩ් උපපොළේ හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ ධාරිතාව ශක්තිමත් කිරීම, විදුලි සැපයුමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම, හබරණ සහ වේයන්ගොඩ අතර උපපොළවල් ඉදිකිරීම හරහා මගින් ඒ අතර පවතින සම්ප්‍රේෂණ මාර්ග දුර්වලතා අවම කිරීමට නියමිතයි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවන ලද යෙන්-ණය ව්‍යාපෘති එකොළහක්2024දී නැවත ලබා දීමෙන් පසු, නිම කර ශ්‍රී ලංකාවට භාර දුන් පළමු යෙන්-ණය ව්‍යාපෘතිය මෙයයි පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ජපානයන් ලබාදුන් සහාය සිහිපත් කළ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා සම්ප්‍රේෂණ පාඩුව අඩු කිරීමෙන් ශ්‍රී ලංකාවට CO2 විමෝචනය අඩු කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ හැකිවන බවද පෙන්වා දුන්නා.

පද්මෙගෙ අයිස් නිෂ්පාදනාගාරයේ වැඩ කරන්න සේවකයෝ රටින් ගෙනත් - වැදගත් කරුණු රැසක් එළියට

පද්මෙගෙ අයිස් නිෂ්පාදනාගාරයේ වැඩ කරන්න සේවකයෝ රටින් ගෙනත් - වැදගත් කරුණු රැසක් එළියට

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දූෂණය මුලිනුපුටා දැමීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම සහ කාර්මික ප්‍රවර්ධන ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීමේ වැදගත්කම තානාපති ඉසෝමාටා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලා.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න