දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වැඩ වරදී

Sri Lanka Police Sexual harassment Court of Appeal of Sri Lanka
By Dilasha Mar 25, 2025 07:50 AM GMT
Dilasha

Dilasha

Report

2011 වසරේ 09 වන වියේ පසුවූ පාසල් දැරියකට ටොපි චොක්ලට් ලබාදී හිතවත් වී ඇය රවටා ලිංගික අතවරය සිදුකර ඇති 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීන්දු කළේය.

විත්තිකරුට රුපියල් 75000/-ක දඩයක් ද අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට විත්තිකරුට නියෝග කළ අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත්, ඔහුට ලබා දුන් දඩය නොගෙවුවහොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

අතවරයට පත් දැරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ සාක්ෂි අතර ගැලපීමක් දක්නට තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ පෙන්වා දුන්නේය. 

ReeCha