රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්
රටට බලපා ඇති ඊසාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් අද(9) සහ10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මින් පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා කියා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවයි.
එසේ වුවත් ඊසාන දිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඔහු සඳහන් කළා.
උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊසාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම නිසා අද(9) දිනට පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර, ඕනෑම විටකදී එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා පැවසුවා.
තවද මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
රටේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක මහතා කියා සිටියා.
මේ අතර, ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
රට අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊසාන දිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇතැයි පැවසු අතුල කරුණානායක මහතා, බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඇතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බවත් පැවසුවා.
එබැවින් අද(9) න් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අවධාරණය කළා.