සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය අද දින (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු බව සඳහන්.

එබැවින් ඉහත ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම නිසා උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

එසේම උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු ඇඟවීම් අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.  

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්

රටම බයෙන් හිටපු අද සහ හෙට අනිද්දා ගැන මෙන්න විශේෂ නිවේදනයක්

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න