තැන තැන මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙක්ට දිවි අහිමි වෙයි

Report

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සදහන් කළේ කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බවයි.

   පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

  එම අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා කරෙයිනගර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ වික්කාවිල්, කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

තවද පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ප්‍රදේශයේදී, අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වී පටවාගත් ටේරලයක් අමුණාගත් අත්ට්‍රැක්ටරයක මුහුණට මුහුණ ගැටීමෙන් ද මාරක අනතුරක් සිදුව තිබේ.

 එම අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියැදුරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබේ.

එලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 61ක් වූ අළුත්ගම, ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 41ක් වන කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

දඹුල්ල හබරණ මාර්ගයේ සිදු වූ අනතුරකින් ද 19 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ දිගම්පතන ප්‍රදේශයේදී හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙනි .

තවද අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මෙලෙස මියගොස් තිබේ.

සීගිරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි .

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන දැනුම් දීමක්

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන දැනුම් දීමක්