දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන දැනුම් දීමක්

Report

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අද (10), 6වැනි දිනටත් අවස්ථාව උදා වී තිබේ.

 ධාතූන්වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පෝලීම් සඳහා එක්වීම අද රාත්‍රි 10.00න් පසුව අවසන් කෙරෙන බව ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කර  ඇත.

 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව සැහැදැවතුන්ට උදාවුණේ පෙබරවාරි 5 වැනිදා සිටයි.

ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනා කරගැනීමට කථානායකවරයා, මැතිඇමතිවරුන් , රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ (09) දිනයේත් සහභාගී විය.

එමෙන්ම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාමාන කරගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් සැදැහැවත් පිරිස් ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටියි.

ඒ අනුව ධාතූන්වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල් මහතා සහ අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් මහතා ඇතුළු පිරිසක් ඊයේ (09) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ ඇත.

කෙසේවෙතත් ධාතූන්වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතව තිබේ.

දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ ආපසු වැඩමවීමට ඉන්දියානු නියෝජිතයින් දිවයිනට

දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ ආපසු වැඩමවීමට ඉන්දියානු නියෝජිතයින් දිවයිනට