බරපතළ අනාවරණයක්, ලක්ෂ 8 ට වඩා මිය ගිහින්

Report

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් තනිකම නිසා ලොව පුරා වසරකට පුද්ගල මරණ ලක්ෂ 8කට වැඩි ගණනක් සිදුවන බව හෙළි කර ඇත.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය තනිකමේ බලපෑම නිසා ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය ඉහළ යාම මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද සිදුවන බව පෙන්වා දී ඇත.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සබඳතා සම්බන්ධ කොමිසම එහි නවතම ගෝලීය වාර්තාව ඉකුත් දා නිකුත් කළ අතර එමගින් පුද්ගල තනිකම සහ සමාජ හුදකලාභාවය සම්බන්ධ කරුණු රැසක් හෙළි කර ඇති බව සඳහන්.

එසේම අඳාළ වාර්තාවෙන් ලොව පුරා සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන්ම එක් අයෙකු තනිකම නිසා බලපෑමට ලක්ව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යයට, ආර්ථිකයට, අධ්‍යාපනයට මෙන්ම පොදුවේ යහපැවැත්මට සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කර ඇති බවත් දැක්වෙන බව සඳහන්.

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

එම කොමිසම තනිකම ආශ්‍රිත බලපෑම් නිසා ලොව පුරා අවුරුද්දකට පුද්ගල මරණ 871,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව පෙන්වා දෙන අතර ලොව පුරා සෑම පැයකම ඒ ආශ්‍රිත මරණ 100ක් පමණ සිදුවන බවත් විශේෂයෙන් දක්වා ඇත.

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

එමෙන්ම අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල පොදුවේ අවුරුදු 13ත් 29ත් අතර වයසේ පසුවන පුද්ගලයින්ගෙන් සියයට 17%ත් 21%ත් අතර ප්‍රතිශතයක් තනිකම ආශ්‍රිත බලපෑමට ලක්ව සිටින බව පවසයි.

තවද අඩු ආදායම් රටවල එය සියයට 24%ක් දක්වා වැඩි වී ඇති බවත් දක්වයි.

ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි

ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ තනිකම සහ සමාජ හුදකලාභාවය බැලූ බැල්මට අවදානමක් වශයෙන් නොපෙනුණද එය ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය වැඩිවීමට මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද ඉහළ යාමට බලපාන බවයි.

ඒ අනුව එම වාර්තාවේ සඳහන් වන්නේ තනිකමේ බලපෑමට ලක්වූ පුද්ගලයින් මානසික අවපීඩනයට පත්වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දෙගුණයකින් වැඩි අතර සියදිවි නසා ගැනීමේ සිතුවිලි දක්වා තනිකම බරපතළ විය හැකි බවයි.

එනිසා ප්‍රබල සමාජ සම්බන්ධතා පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම දිගු ආයු කාලයකටත් හේතුවන බව පෙන්වා දී තිබෙනවා. 

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක