ආදාරේ නාමෙන් වියානා ඇළට බිලි වූ තරුණියගේ සිරුර හමුවෙයි

Report

මහියංගණය පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් බව සඳහන්.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රජරට විශ්ව විද්‍යාලයේ සිසුවියක් වන ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.

මියගිය තරුණිය ඇයගේ පෙම්වතා සමඟ ඇල කණ්ඩිය මත ඊයේ (20) දින පස්වරුවේ ඇවිදිමින් සිටියදී පෙමිවතා ඇලට වැටී ගසා ගෙන ගොස් ඇත.

ඒ මොහොතේදී පෙම්වතා බේරා ගැනීමට තරුණිය ඇලට පැනීමේදී දෙදෙනාම දිය පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

මේ අතර පොලීසිය වැඩිදුරටත් පවසා ඇත්තේ එහිදී ඇලෙහි දිය නාමින් සිටි පුද්ගලයෙක් ගසාගෙන යමින් සිටි පිරිමි පුද්ගලයා බේරාගෙන ඇති අතර තරුණිය දිය පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවයි.

දියේ ගිලී අතරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර ප්‍රදේශ වාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙසේ සොයාගෙන ඇති බව සඳහන්.

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි