අස්වැසුම ලාභීන්ට සැප්තැම්බර් මස දීමනාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
සැප්තැම්බර් අස්වැසුම දීමනාව හෙට සිට ගිණුම්වලට: පවුල් ලක්ෂ 12කට වැඩි සංඛ්‍යාවකට ප්රතිලාභ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව හෙට (16) සිට අදියර කිහිපයක් යටතේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව, අස්වැසුම යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 999,053ක් වෙනුවෙන් රුපියල් බිලියන 9.18කට (9,181,696,250/-) අධික මුදලක් හෙට දින බැංකු ගිණුම් වෙත ජමා කෙරෙනු ඇත.
මීට අමතරව, අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335ක් සඳහා වන අදාළ දීමනා මුදල් අනිද්දා (17) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙමඟින් සමස්තයක් ලෙස පවුල් ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවකට සැප්තැම්බර් මාසයට අදාළ මූල්‍ය සහනය හිමිවීමට නියමිතයි.