ඊයේ පොතට වැටුණු අස්වැසුම අද බැංකු ගිණුම් වලින් ප්‍රතිලාභීන්ට

Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ඊයේ (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභී බැංකු ගිණුම්වලට බැරකර ඇත.

කොළඹට රජයෙන් තෑග්ගක් - කැබිනට් අනුමැතිය හිමිවෙයි - රැකියා අවස්ථා 800ක් නිර්මාණය වෙයි

කොළඹට රජයෙන් තෑග්ගක් - කැබිනට් අනුමැතිය හිමිවෙයි - රැකියා අවස්ථා 800ක් නිර්මාණය වෙයි

එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව මෙම මුදල් අද (17) සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.