ශිෂ්‍යත්ව දෙවැනියා ඕපනායක විද්‍යාකර ප්‍රාථමිකයේ තරුෂි කවිත්මා

Report

2025 ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 197ක් ලබා ගනිමින් ලංකාවේ සිංහල මාධ්‍යයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ කේ.වී. තරුෂි ඉමත්මා සිසුවිය සමත්ව ඇත.

මෙම විද්‍යාලයේ පළමු වසරේ සිට අධ්‍යාපනය හදාරා ඇති තරුෂි, බහුවිධ දක්ෂතා හිමි සිසුවියකි. ඇය විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කරයි. ඇයගේ පංති භාර ගුරුතුමා වන සුනිල් විමලචන්ද්‍ර මහතා පවසන පරිදි, තරුෂි ඉමත්මා විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්වා ඇති අතර, ඇගේ කැපවීම හා උත්සාහය මෙම ජයග්‍රහණයට හේතු වී ඇත.

ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා

ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා

තරුෂි ඉමත්මා යනු ඕපනායක හත්තැල්ල වසමේ හෙළඋඩගමේ පදිංචි, ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නිරත කේ.වී. ධම්මික පුෂ්ප කුමාර මහතාගේ සහ එච්.එම්. මල්කාන්ති මහත්මියගේ වැඩිමහල් දියණියයි.

අදහස් දක්වමින් තරුෂි පවසා ඇත්තේ, ඇගේ අපේක්ෂාව වන්නේ ඉංජිනේරුවරියක බවට පත්වී තම මව්බිමට සේවය කිරීම බවයි. "මේ ජයග්‍රහණයේ ගෞරවය මගේ විදුහල්පතිතුමාට, නියෝජ්‍ය විදුහල්පතිනියට සහ පළමු වසරේ සිට මට උගන්වපු ගුරු මව්පියන්ටත් හිමිවිය යුතුයි," යනුවෙන් ඇය සඳහන් කළාය.

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

තරුෂි ඉමත්මා එකම විෂයකට සීමා නොවී, සෑම විෂයකින්ම ඉහළ දක්ෂතා පෙන්වා ඇත. ඇය සමස්ත ලංකා චිත්‍ර තරඟවලින් ජයග්‍රහණ හිමිකර ගත් අතර, ක්‍රීඩා සහ අත් අකුරු තරඟවලදී ද ජයග්‍රහණ ලබා ඇත.  

දැදුරු ඔයේ මාළු ඇල්ලුවොත් තෑගි ගොඩයි - වැඩිම මාළුවාට සම්මානයක්

දැදුරු ඔයේ මාළු ඇල්ලුවොත් තෑගි ගොඩයි - වැඩිම මාළුවාට සම්මානයක්