රට පුරා සියලුම පාසල් සහ පිරිවෙන් සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ජූලි 31ට පෙර මේ දේ කරන්න..

Ministry of Education President of Sri lanka Sri Lankan Schools Education Presidential Update
By Aruna Jul 16, 2024 05:51 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

“විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද නිමිතය.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..


රජයේ සියලු පාසල් හා පිරිවෙන් විද්‍යායතන, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම භික්ෂුන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලාටද මෙම තරගය සඳහා සහභාගි විය හැකි අතර, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අයදුම්කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන මෙම තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජුලි 31 වැනිදා වන අතර, තරග කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය, නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ වැඩි විස්තර අදාළ පනත් කෙටුම්පත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  https://www.dgi.gov.lk/contact-us/public-finance-management-bill වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය.

ජනාධිපති මාධ්‍ය අංශය

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..


ReeCha