පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරට - ළමුන් 16ක් රෝහලේ
අද (23) උදෑසන 7.30ට පමණ බෙලිඅත්ත - වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී පාසල් දරුවන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇත.
මෙම අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනෙකු දැනටමත් රෝහලෙන් පිටව ගොස් තිබේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක හැපී නැවතී ඇත.
දැනට තුවාල ලැබූ ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල සහ වීරකැටිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.