මළගිය ඥාතීන්ගේ දෝෂ පන්නන කොට ගෙදර බඩුත් පන්නපු යකැදුරා මාට්ටු ..

Report

මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනාකමකින් යුත් රන් සහ ගෘහ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පැවසීය .

ලෝක උරුමයක් වූ මහාවංශය..

ලෝක උරුමයක් වූ මහාවංශය..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි .

හොරණ ප්‍රදේශවාසීයෙක් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහරගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලින්ද මෙසේ වංචාකිරීම් කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කොටගෙන ඇත .

නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය නොදන්වා පොලිසියට රැගෙන ගොස් සෙල්ලම් දැමු සැරයන් වරයාගේ වැඩ වරදී..

නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය නොදන්වා පොලිසියට රැගෙන ගොස් සෙල්ලම් දැමු සැරයන් වරයාගේ වැඩ වරදී..

වංචාකල රන්ග්‍රැම් 300 ක් පමණ සහ වංචාකල මුදලින් මිළදීගත් රෙදිසෝදන මැෂින් 2 ක්, ශීතකරණ 2 ක්, පුටු සෙට් , කණ්නඩි මේස, ත්‍රිරෝද රථයක් ඇතුළු ගෘහ උපකරණ රැසක් සහ පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මළගිය ඥාතීන්ගේ දෝෂ පන්නන කොට ගෙදර බඩුත් පන්නපු යකැදුරා මාට්ටු .. | Scammer Arrested With Gold And Cash