කුමාර ජයකොඩිගේ ඡායාරූපයක් භාවිත කරමින් සිදු කෙරූ ලොකු වංචාවක් හෙළි වේ

Report

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ඡායාරූපයක් ද භාවිත කරමින් සිදු කරන වංචනික ක්‍රියාවක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව ව්‍යාජව සකසන ලද වස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පැවැත්වීමට නියමිත ගුරු විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත ගුරු විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මේ වන විට මේ පිළිබඳව පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොලීසිය වෙත යොමු කර ඇත. එමෙන්ම දිට්වා සුළි කුණාටුව හෝ වෙනත් කිසිදු කරුණකට ආදළව කිසිදු ආධාරයක් හෝ මූල්‍යමය ඉල්ලීමක් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉල්ලා නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙවැනි කූඨ දුරකථන ඇමතුම් හෝ වෙනත් ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

සියලු ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලු ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න