සියලු ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න
ඩිජිටල් ආර්ථීක අමාත්‍යාංශ නිලධාරීන් 2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව පවසනයි.
ඒ අනුව එම නිලධාරීන් මේ බව පැවසුවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ සඳහා 2026 අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්නගේ සභාපතිත්වයෙන් 2026.02.06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල සබඳතාවක් ලබාදීමට සැලසුම්කොට ඇති වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සිදු කරේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම වසර තුළ නව දුරකථන සබඳතා කුළුණු 100ක් සවි කිරීමට කටයුතු සුදානම් කරන බවයි. එසේම ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දුරකථන සම්බන්ධතා කුළුණු 600 – 1000 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් එය පියවරෙන් පියවර සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ 98% පමණ අන්තර්ජාල ආවරණයන් මේ වන විට රටේ පැවතිය ද එය අධිවේගී අන්තර්ජාල අවශ්‍යතාවයට සරිලන ආවරණයක් නොවන බවයි.
මේ නිසා සෑම ළමයෙකුටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට දැනට පවතින ධාරිතාව 25% කින් පමණ වැඩි කළ යුතු බව ද සඳහන් කළේය.
එමෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවලට අදාළ කුළුණු සම්බන්ධයෙන් වාණිජ මොඩලයක් සකස් කොට ඒ සඳහා ලංසු ඉදිරිපත්කිරීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දීම සැලසුම් කරන බවයි.
කොළඹින් පිට ප්‍රදේශවල ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයෙන් වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු බවට ද යෝජනා විය.