ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ලෝක නඩුවක් - ධුරයේ ඉන්න සුදුසු නැතැයි චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බව මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයම සීරුවෙන් - ඉරානය කියලා රටක් ඉතුරු වෙන්නැති වෙන්න ගහනවා - ට්‍රම්ප් ආයෙත් යුද්ධෙට පනින්න සූදානම්

ලෝකයම සීරුවෙන් - ඉරානය කියලා රටක් ඉතුරු වෙන්නැති වෙන්න ගහනවා - ට්‍රම්ප් ආයෙත් යුද්ධෙට පනින්න සූදානම්

අදාල අභියාචනා පෙත්සමේ සඳහන් වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙසයි.