ලෝකයම සීරුවෙන් - ඉරානය කියලා රටක් ඉතුරු වෙන්නැති වෙන්න ගහනවා - ට්‍රම්ප් ආයෙත් යුද්ධෙට පනින්න සූදානම්

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට අනතුරු අඟවා ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමග සාකච්ඡා පවත්වන මොහොතකදීය.

ඉරානය විසින් නිවේදනය කර ඇත්තේ ලෙබනනයේ සටන් නැවැත්වීම සඳහා ඇමරිකාව පොරොන්දු වුවද දැන් එය කඩ කරන බවටයි.

ඊශ්‍රාලයෙන් මාධ්‍යවේදීන් 260ක් සමූල ඝාතනය කරයි - ගාසාහි සරණාගත කඳවුරු වලට ඊශ්‍රාලයෙන් ප්‍රහාර

ඊශ්‍රාලයෙන් මාධ්‍යවේදීන් 260ක් සමූල ඝාතනය කරයි - ගාසාහි සරණාගත කඳවුරු වලට ඊශ්‍රාලයෙන් ප්‍රහාර

මේ හේතුවෙන් ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සමුද්‍රීය ගමනාගමනය නැවත වරක් නතර කළ බවත්, ඉරිදා පැවැත්වෙන සාකච්ඡාවලදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා නොකරන බවත් පවසා ඇත.

ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, "ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතුයි," ලෙසයි.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකදී "ඔවුන් එසේ නොකළහොත්, අප පසුගිය සතියේ කළා වගේම, හැබැයි ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරනවා" යැයි පැවසූ බවයි.

ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඔවුන්ට රටක් ඉතිරි නොවන බවත් එම මුහුදු මාර්ගයේ පාලනය තමන් යටතට ගන්නා බවටත් ට්‍රම්ප් විසින් ඉරාන නිලධාරීන්ට පවසා ඇත.