විදුහල්පතිගෙන් පාසල බේරා දෙන්න ..!
කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායක නමැත්තා නිසා කීර්තිමත් විදුහලක් වන ආනන්දය ඉතා පහළ අඩියකට වැටී ඇතැයි එහි ආදි සිසුවෝ, ගුරුවරු, දෙමාපියෝ පවසති.
සුපිරි පාසැල්වල විදුහල්පතිවරුනගේ වත්කම් පරීක්ෂා කරනු..
ලාල් දිසානායක නමැති විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට විරුද්ධ වූ පිරිස 2009 දී ඔහුගේ පුකට පයින් ගසා ගම්පහ බණ්ඩාරනායක විදුහලට පන්නා දැම්මෝ ය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලා ඔහු යළි ආනන්දයටම පත් වී ආවේය. ඔහුට කොළඹ ආනන්දයම අවශ්‍ය වන්නේ අන් කිසිවකට නොව ජරාව කෑමට ය.
"සුපිරි පාසැල්වල විදුහල්පතිවරුනගේ වත්කම් පරීක්ෂා කරනු" යි ආදි සිසුවෝ, ගුරුවරු, දෙමාපියෝ හඬ නගති. මතු වී ඇති අලුත්ම තත්ත්වය නම් ලාල් දිසානායක, ඔහුම උසස්වීමක් ඉල්ලා එය ලැබුණු පසු ආනන්දය හැර දා නොයා ආනන්දයේම එල්ලී සිටීමට වෑයම් කිරීමයි.
එසේ සිටීමට හේතුව නම් ලාල් දිසානායක ඉදිකරගෙන යන නව නිවසේ වැඩ තව අහවර වී නැති නිසා යැයි දෙමාපියෝ පවසති. ආනන්දය කඩා වැටිලා..
ලාල් දිසානායක ගේ දුර්වල පාලනය නිසා කොළඹ ආනන්දයේ අධ්‍යාපනය කඩා වැටී ඇත. ඉතිහාසයේ වැඩිම සිසු පිරිසක් උසස්පෙළ අසමත් වුණු වසර ද, විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබා ගත් අඩුම සිසුන් සිටින වසරද මේ වසර වීමෙන් අධ්‍යාපනයේ කඩා වැටීම මොනවට පෙන්නුම් කරන බව දෙමාපියෝ කියති. මතු වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ආනන්දයේ ආදි සිසුවෝ, ගුරුවරු, දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයාට යැවු ලිපිය පහත පරිදි ය.
05-05-2025
ගරු ලේකම් තුමා අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපාය බත්තරමුල්ල
ගරු ලේකම් තුමනි,
ආනන්දයේ විදුහල්පති ලාල් දිසානායකගේ ක්‍රියා කලාපය සම්බන්ධවයි
1. ආනන්ද විද්‍යාලයේ ගුරු, ආදි ශිෂ්‍ය, දෙමාපිය හා ශිෂ්‍ය ප්‍රජාව ලෙස වර්තමාන විදුහල්පති ලාල් දිසානායක ලද උසස් වීම සම්බන්ධයෙන් අපි සතුටට පත් වන්නෙමු.
2. එතුමා මේ විද්‍යාලයේ වැඩ භාරගත් දා සිට * අධ්‍යාපනය සියයට සියයක් කඩා වැටී ඇත. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් එය මනාව වැටහේ. * දරුවන්ගේ විනය පිරිහී ඇත. * ක්‍රීඩා අංශය බිඳ වැටී ඇත. * ගුරුවරුන් අතර ඇති දැඩි අසමගිය නිසා කල්ලි බෙදී ඇත. එය ඉගෙන ගන්නා දරුවන් හට මහත් අපහසුතාවයකි.
3. මේ කරුණු හේතුවෙන් විද්‍යාලය දැඩි කඩා වැටීමකට පත්ව ඇති මේ මොහොතේ මොහුව රඳවා ගැනීමට අනිසි ආකාරයෙන් මුදල් සොයන කණ්ඩායමක් ඉදිරිපත් වී ඇත. දැන් ඇති ප්‍රශ්නය * උසස්වීමකට අයැදුම් කෙළේ වර්තමාන විදුහල්පති ලාල් දිසානායක ම ය. * විදුහල්පති ගේ ක්‍රියාවන් සඳහා විශාල කණ්ඩායමක් විරුද්ධව ඇති මොහොතේ කිහිප දෙනෙක් පමණක් පාසැලට භෞතික සංවර්ධනයක් සිදුකළා යැයි පවසා බලෙන් ගුරුවරුන්ගෙන් අත්සන් 80 ක් පමණ ලබා ගෙන ඔබතුමාට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති. * මෙම කණ්ඩායමේ විදුහලේ ගුරුවරුන් නොවන දෙදෙනෙක් මූලිකත්වය ගෙන සිටිති. ඔවුන් නම් ධම්මික පෙරේරා සහ ගොඩකුඹුර යන අය ය. ඔවුන් සමග තවත් සුළු පිරිසක් පෙනී සිටිති. ඔවුන් සියළු දෙනා විදුහල්පතිවරයා වටා සිටින මුදල් ගරණ හොරු රැළ ය. ලේකම්තුමනි, ආනන්දය බේරා දීම ඔබ තුමාගේ වගකීම බව අපි සිතමු. මෙය අපි විසින් රට නිවැරදි දිශානතියකට ගෙන යාමට පත් කර ගත්නා ලද නව රජයේ වගකීමක් බව ද ඉතා කරුණාවෙන් මතක් කර සිටිමු. ඔබ ලබාදෙන තීරණය රටේත් ආනන්දයේත් අභිවෘද්ධියට ලබා දෙන තීරණයක් වේවි යැයි අපි සිතමු.
මෙයට, ආනන්දයේ ආදි ශිෂ්‍ය, ගුරුවරු, දෙමාපිය සහ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව
සබැඳි පුවතක් කොළඹ ආනන්දයේ සැරිසරන 'අද්භූත' ගුරෙක්..! -ආනන්දයේ ගුරු දෙමාපිය පිරිසක් ලියති
