සතොස කියන්නේ සුභසාධන ආයතනයක් නෙමෙයි.. ඒකත් බිස්නස් එකක්.. ලාභට දෙන්න බෑ - ඇමති වසන්ත

By Shehan Oct 12, 2025 11:30 PM GMT
Report

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රජයේ වී අලෙවි මණ්ඩල ගබඩාවලින් සහල් ලබාදීමට හැකියාව ඇති බවයි. එහිදී, ඔවුන්ට සාධාරණ මිලකට සහල් කිලෝවක් ලබාදිය යුතු බවත්, සතොස ගබඩාවලින් සිල්ලර වෙළඳසැල්වලට සහල් කිලෝවක් ගෙන යාමට රුපියල් 6කට වඩා වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.

සතොස ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය සුභසාධන වැඩසටහනක් නොවන බවත්, තරඟකාරී වෙළඳපොළ තුළ කටයුතු කළ යුතු බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

මහ පරිමාණ මෝල් හිමියන් විසින් සහල් වෙළඳපොළ තුළ ජාවාරම් සිදුකරන බවත්, එයට එරෙහිව රජය ක්‍රියාත්මක වන විට එම උත්සාහයන් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බවත් ඇමති සමරසිංහ පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රජයේ සහල් ලබාගැනීමට බාධා වන ආකාරයේ කොන්දේසි පනවා ඇති බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ මැදිහත්වීම තුළින් වෙළඳපොළේ සහල් මිල ස්ථාවර කිරීමට සහ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට සාධාරණ අවස්ථාවක් ලබාදීමට රජය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  

විදුලිබිල වැඩි කළහොත් ජනතාව සමඟ පාරට බහිනවා - විපක්ෂ නායක

විදුලිබිල වැඩි කළහොත් ජනතාව සමඟ පාරට බහිනවා - විපක්ෂ නායක

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ITN වෙතින් රු. මිලියන 100ක වන්දි ඉල්ලයි