සුබසාධක ප්රතිලාභ මණ්ඩලයෙන් හදිසි නිවේදනයක් - අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන හැටි සහ අවසන් දිනය මෙන්න
By Kanchana
අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.
අස්වැසුම ප්රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් නොලබන බව ඇති බව නිවේදනයක් නිකුත් කර සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ .
එලෙස සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට සුබසාධක ප්රතිලාභ පනතේ 11 වන වගන්තිය අනුව මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ ඒ සඳහා 2026 ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබාදී ඇත
එමෙන්ම තමන් තෝරාගෙන ඇති ප්රතිලාභ කාණ්ඩය පිළිබඳව සෑහීමකට පත් නොවන සුදුසුකම්ලාභීන්ට ද අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේනදය පහතින් දැක් වේ
අස්වැසුම ලක්ෂ 14ක සහනාධාර කැපුවා කියන කතාව බොරුවක් - අමාත්ය උපාලි පන්නිලගෙන් හදිසි විශේෂ හෙළිදරව්වක්
