"..අපේ දරුවා අපිට ඕන වෙලාවට පෙන්නන්නත් පුලුවන් නැත්නම් නිකම් ඉන්නත් පුලුවන්, මොකද ඒ අපේ දරුවනේ.." සාරංග සැර වෙයි..(PHOTOS)
ශ්‍රී ලාංකීය කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධ දක්ෂතා පෙන්වන වර්ථමාන පරම්පරාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. ඉතින් රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් විදියට පුංචි තිරය වගේම සිනමාව තුළද අතිශය දස්කම් පාන කෙනෙක් තමයි ඔහු. ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුව ලැබුණ ඒ වගේම ඉදිරියටත් ඒ විදියටම ජනතාව ආදරේ කරන රංගන ශිල්පියෙක් විදියට පුංචි තිරය හරහා විවිධ චරිත තුලින් ඔහු අපි අතරට එනවා.
ඉතින් එක් චරිත සීමාවකට කොටු නොවී ඕනෑම චරිත රංගනයක් ඒ විදියට රග දක්වන්නට පුලුවන් දක්ෂ කලා කරුවෙක් තමයි ඔහු. ඉතින් ඒ වගේම සාරංග කවුරුත් ආදරෙ කරන දිනක්ෂි ප්‍රියසාද් එක්ක විවාහ වෙලා මේ දෙන්නට පුංචි දුවක් ලැබෙනවා. සමාජ මාධ්‍ය තුළ දැඩි සේ කතා බහට ලක් වෙන යුවළක් විදියට සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ ආදරණීය දියණිය අවුරුද්දක් ගත වෙලත් ප්‍රේක්ෂකයන්ට මුහුණ පෙන්වූයේ නෑ.
මේ හේතුව නිසාම මේ දෙපළට සමාජ මාධ්‍ය තුළ විවිධ චෝදනා අසන්නට දකින්නට ලැබුණා. ඉතින් තමන්ගේ දරුවාව මාධ්‍යට නිරාවරණය කරන්නට හේතුව ගැන මේ විදියටයි සාරංග එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියලා තිබුණේ.
” මමයි දිනක්ෂියි කිසිම වෙන හේතුවක් නිසා නෙමෙයි බබගේ මූණ පෙන්නුවේ නැත්තේ. ඒ දවස් වල අපිට සමාජ මාධ්‍යයේ ලැබුණු ප්‍රතිචාරත් එක්කයි. බබාගේ පළවෙනි උපන්දිනය දවසේ සින්දුවක් කියන්න කිසිම අදහසක් අපි දෙන්නට තිබුණේ නෑ. ශනුද්‍රියි දිනේෂ් මල්ලියි තමයි අපිටත් කියන්නැතුව සින්දුවක් හදලා අපිට අහන්න දුන්නේ. ඉතින් අපි දෙන්නම ආස වුනා ඒකට. මිනිස්සු අපිට මොනව කිව්වත් වැඩක් නෑ. අපේ දරුවා අපිට ඕන වෙලාවට මාධ්‍යට පෙන්නන්ත් පුලුවන් එහෙම නැත්නම් නිකම් ඉන්නත් පුලුවන්. මොකද ඒ අපේ දරුවනේ.’’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |