රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබාගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට

Report

ඉඩමක තක්සේරු වටිනාකම අඩු කර පෙන්වා රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තු අවම කර දීමට පොරොන්දු වී රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබාගත් පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අද (2026 මැයි 13) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්

රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව අද පෙරවරු 9.27ට පමණ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ එම කාර්යාලයේ සේවය කරන එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර නැමැති අයෙකි.

පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් තමාගේ නමට පවරා ගැනීමේදී අවශ්‍ය වන තක්සේරු වාර්තාව අඩු අගයකින් සකස් කර දීම සඳහා සැකකරු මුලින් රුපියල් 50,000ක මුදලක් ඉල්ලා ඇත.

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි

මුළු ලංකාවටම පීඩනේ දුන්න ඊසානේ අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 48 තුළ වෙන්නේ මේකයි - රටටම දැනුම්දෙයි

පසුව එය රුපියල් 35,000 දක්වා අඩු කර ඇති අතර, එම මුදල ලබාගන්නා අවස්ථාවේදී කාර්යාල පරිශ්‍රය තුළදීම සැකකරු නිලධාරීන්ගේ දැලට හසු වී තිබේ.