රටවල් රැසක් කැළඹෙයි - පැතිරෙන විදිහ වෙනස් වීමත් එක්ක ලක්ෂණ මතු වෙන්න දින 42ක් යන හැන්ටා වෛරසයේ අතිශය භයානක ප්‍රභේදයක්
දකුණු ඇමරිකානු කලාපයෙන් ව්‍යාප්ත වූ “හැන්ටා” (Hantavirus) වෛරසයේ අතිශය භයානක “ඇන්ඩීස්” (Andes) ප්‍රභේදය නිසා යුරෝපා රටවල් රැසක දැඩි සෞඛ්‍ය අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරන්නේ, දකුණු ඇමරිකානු කලාපයේ සංචාරය කළ “එම්.වී. හොන්ඩියස්” (MV Hondius) සුඛෝපභෝගී සංචාරක නෞකාව තුළින් දැනටමත් ස්ථිර කළ හැන්ටා වෛරස ආසාදිතයන් 11 දෙනෙකු නිල ලෙස වාර්තා වී ඇති බවයි.
එයින් තිදෙනෙකු මේ වන විටත් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලොවක් සලිත කළ මාරක වයිරසය ව්‍යාප්ත වූ නෞකාවේ සිටි සියලුම ආසාදිතයන් උඩු ගුවනින් නෙදර්ලන්තයට - වහා නිරෝධායනය කරයි
එමෙන්ම මෙම වෛරසය සාමාන්‍යයෙන් මීයන්ගෙන් බෝ වුවද, වර්තමානයේ හමුවී ඇති “ඇන්ඩීස්” ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට ශ්වසන බින්දු මඟින් සෘජුවම පැතිර යා හැකි බැවින්, නෞකාවේ අවසන් මගීන් පිරිසද වහාම ක්‍රියාත්මක වන ලෙස ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි දී ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
එම පිරිස මේ වන විට මැඩ්‍රිඩ් නුවර විශේෂිත හමුදා රෝහල් සහ අධි-ආරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. කෙසේ වුවද වෛරසයේ රෝග ලක්ෂණ මතු වීමට දින 42ක් වැනි දීර්ඝ කාලයක් ගත විය හැකි බැවින්, ඉදිරි දිනවලදී නව ආසාදිතයන් වාර්තා වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයීසස් (Tedros Adhanom Ghebreyesus) මහතා අවධාරණය කරයි.
ඒ හේතුවෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය යන රටවල් දැනටමත් දැඩි අවධානයෙන් පසුවන අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවන ප්‍රංශ ජාතික කාන්තාව ඇතුළු රෝගීන් සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාත්මක බව පවසයි.
එමෙන්ම වෛරසය පැතිරුණු “එම්.වී. හොන්ඩියස්” නෞකාව සම්පූර්ණ විෂබීජහරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය වෙත යවා ඇත.
බාහිර සමාජය තුළ වෛරසය ව්‍යාප්ත වීමේ ගෝලීය අවදානමක් මෙතෙක් වාර්තා වී නොමැති වූවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ යුරෝපා කලාපය පුරා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.